කටපාඩම් කිරීම මත පදනම් වූ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදී, ප්‍රායෝගික දැනුම සහ කුසලතා සංවර්ධනය ඉලක්ක කරගත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් රටට හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
බලංගොඩ විද්‍යාලෝක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේය. 2027 වසරේදී මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික සැලසුම් මේ වන විටත් සාර්ථකව අවසන් කරමින් පවතින බව ඇය අවධාරණය කළාය.
පාසල් අධ්‍යාපනය නිම කර ලෝකයට පිවිසෙන සෑම දරුවෙකුටම තම සහජ හැකියාවන්ට ගැළපෙන, වෘත්තීය වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින තාක්ෂණික පුහුණුවක් ලබාදීම රජයේ ප්‍රධාන අරමුණ බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සමාන ගෞරවයක් සහ වටිනාකමක් වෘත්තීය අධ්‍යාපනයටත් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි. නිර්මාණශීලීව සහ විවේචනාත්මකව ලෝකය දෙස බලන දරුවන් නව තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමට රජය කැපවී සිටින බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර