2026 වසරේ ජාතික පොසොන් පුණ්‍යෝත්සවයට සමගාමීව සංවිධානය කෙරුණු ආලෝක පූජා වැඩසටහන තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම ආගමික උත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය.
විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වූ අතර, අනතුරුව විදුලි ආලෝකය දල්වමින් ආලෝක පූජාව නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. තන්තිරිමලේ රජමහා විහාරාධිපති, උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
ආලෝක පූජාවට සමගාමීව මල් පහන් පෙරහැරක් සහ බොදු බැති ගී ප්‍රසංගයක් ද පැවැත්වුණු අතර, ඒ සඳහා විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, වසන්ත සමරසිංහ, වෛද්‍ය සුසිල් රණසිංහ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර