ප්‍රවීණ බොලිවුඩ් නළු අමීර් ඛාන් සිය දිගුකාලීන ප්‍රේමවන්තිය වන ගෞරි ස්ප්‍රැට් සමඟ විවාහ වී තිබේ. මෙම විවාහ මංගල්‍යය පසුගිය 05 වන දින මුම්බායි නුවර පිහිටි ඔහුගේ නිවසේදී ඉතා සරල අයුරින් පවත්වා ඇත.

විවාහයට පෙර අමීර් ඛාන් ප්‍රකාශ කර තිබුණේ, කිසිදු මංගල සාදයක් නොපවත්වා පවුලේ සමීපතමයන් සහ මිතුරන් කිහිපදෙනෙකු පමණක් සහභාගී කරවාගෙන විවාහය ලියාපදිංචි කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව, ඉතා පෞද්ගලික මට්ටමින් පැවති මෙම උත්සවය සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉර්ෆාන් පතන්, විකට නළු වීර් දාස් සහ අධ්‍යක්ෂ අශුතෝෂ් ගෝවාරිකර් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙම විවාහයේ තවත් විශේෂත්වයක් වූයේ දෙපාර්ශවයේම දරුවන් එකට එක්ව සිටීමයි. අමීර් ඛාන්ගේ අතගත් ගෞරි ස්ප්‍රැට් බැංගලෝර් හි රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නියකි. ඇය ඉන්දීය නිදහස් අරගලයට දායක වූ බ්‍රිතාන්‍ය ජාතික කොමියුනිස්ට්වාදී පිලිප් ස්ප්‍රැට්ගේ මිනිබිරිය ද වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version