ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත වාර්තාවන්ට අනුව, මේ වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය පැය 24ක කාලය තුළ පමණක් රෝගීන් 2,604 දෙනෙකු වාර්තා වීම විශේෂත්වයකි.
ප්‍රදේශ අනුව සිදුකළ විශ්ලේෂණයන්හිදී බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර, එය සමස්ත රෝගීන්ගෙන් සියයට 52.50ක ප්‍රතිශතයක් වේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12,445ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12,282ක් ලෙස වාර්තා වී ඇත.
දකුණු පළාතෙන් රෝගීන් 9,674ක් සහ සබරගමුව පළාතෙන් 5,237ක් ලෙස වාර්තා වී ඇති බව එම ඒකකය පෙන්වා දෙයි. මීට අමතරව මධ්‍යම, නැගෙනහිර සහ වයඹ පළාත්වලින්ද සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතී.
මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 142ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම පරිසරය පිරිසිදුව තබා ගැනීමට සහ මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර