සබරගමුව පළාතේ රත්නපුර හෙද විදුහලේ 2021 වසරේ සිසු හෙද කණ්ඩායමේ හිස්වැසුම් පැළඳවීම සහ සේවයට කැපවීමේ උළෙල පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්විණි. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
තුන් අවුරුදු හෙද පුහුණු පාඨමාලාවේ පළමු වසරේ න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව නිම කළ සිසු සිසුවියන් 121 දෙනෙකු මෙහිදී සිය වෘත්තීය දිවියට පිවිසීම සනිටුහන් කරමින් හිස්වැසුම් පැළඳීම සිදු කළහ. රෝගී සත්කාරක සේවයට කැපවීමේ ප්‍රතිඥාව ලබාදීම සහ පහන් දැල්වීම වැනි ආචාරධර්මීය වැඩසටහන් රැසක් ද මෙහිදී ක්‍රියාත්මක විය.
උත්සවය අමතමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, මෙරට සමස්ත හෙද වෘත්තිකයන් සංඛ්‍යාව 45,000ක් පමණ වන බවයි. අලුතින් එක්වන මෙම කණ්ඩායම රෝහල් පද්ධතියේ මානව සම්පත ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබා දෙනු ඇති බවත්, ගුණාත්මක සහ විශ්වාසදායී සේවාවක් රෝගීන් වෙත ලබාදීම ඔවුන්ගේ වගකීම බවත් ඔහු අවධාරණය කළේය.
1959 වසරේ ආරම්භ වූ රුවන්පුර හෙද විදුහල, සබරගමුව පළාතේ ඇති එකම හෙද පුහුණු ආයතනයයි. දසදහසකට අධික හෙද පිරිසක් බිහි කර ඇති මෙම විදුහලේ 2021 කණ්ඩායම මෙවර ඉහළම සාමාර්ථ ලබා ගැනීමට සමත්වීම විශේෂත්වයකි.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන්, හෙද විදුහල්පතිවරුන්, ආචාර්යවරුන් සහ සිසුන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර