ලොව බලවත්ම රාජ්‍යයක් වන අමෙරිකා එක්සත් ජනපදය සිය 250 වැනි නිදහස් සංවත්සරය අති උත්කර්ෂවත් අන්දමින් සැමරීමට පියවර ගෙන තිබුණි. 1776 ජූලි 4 වන දින බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගැනීම සිහිපත් කරමින් මෙම ජාතික නිවාඩු දිනය සැමරෙයි.
කෙසේ වෙතත්, රට පුරා පැවති දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උත්සව කටයුතු රැසකට බාධා එල්ල විය. වොෂින්ටන් අගනුවර ඇතුළු ප්‍රාන්ත කිහිපයක උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ හමාගිය දරුණු සුළං හේතුවෙන් නිවාස ලක්ෂ ගණනාවක විදුලි බලය බිඳ වැටී තිබූ අතර ඇතැම් පෙළපාලි අවලංගු කිරීමට ද බලධාරීන්ට සිදුවිය.
වොෂින්ටන් නුවර පැවති ජනහමුවක් අමතමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, අමෙරිකානු සිහිනය නැවත පැමිණ ඇති බවයි. මෙම සැමරුම “දෙවියන් විසින් ලියන ලද අමෙරිකාවේ ස්වර්ණමය යුගයේ අරුණෝදය” ලෙස ඔහු හැඳින්වීය. කෙසේ වෙතත්, උත්සවය දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිවරයා උත්සාහ කළ බවට විවේචන ද එල්ල විය.
මෙම සුවිශේෂී සන්ධිස්ථානය වෙනුවෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරුන් වන ජෝ බයිඩන්, බැරැක් ඔබාමා, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ බිල් ක්ලින්ටන් යන මහත්වරුන් ද අමෙරිකාවේ අනාගතය සහ ප්රජාතන්ත්රවාදය පිළිබඳ සිය අදහස් පළ කර තිබුණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර