ඇස් යට කළු වීම යනු බරපතල රෝගී තත්ත්වයක් නොවුණද, එය බොහෝ දෙනෙකුගේ පෙනුමට සහ මානසික සුවයට බලපෑම් ඇති කරන කරුණකි. අධික මානසික ආතතිය, රාත්‍රී කාලයේ නිදි මැරීම, පරිගණක සහ ජංගම දුරකථන තිර දෙස වැඩි වේලාවක් බලා සිටීම වැනි අහිතකර පුරුදු නිසා ඇස් වටා ඇති සමේ සියුම් රුධිර වාහිනී කැපී පෙනීමෙන් මෙම අඳුරු පැහැය ඇතිවේ.
මෙම ගැටලුව සඳහා රසායනික ආලේපන භාවිතයට පෙර ස්වභාවික ක්‍රමවේද අනුගමනය කිරීම වඩාත් සුදුසුය. රෝස වතුරේ පොඟවා ගත් කපු පුළුන් සතියකට දෙවරක් ඇස් මත තැබීමෙන් සමට නැවුම් බවක් ලැබේ. එසේම, ශීතකරණයේ තැබූ තේ බෑග් විනාඩි 15ක් ඇස් මත තැබීම මගින් රුධිර වාහිනී සංකෝචනය වී අඳුරු බව අඩු කර ගත හැකිය.
ආයුර්වේදයේ සඳහන් කුම්කුමාදි තෛලය රාත්‍රී කාලයේ ඇස් යට ආලේප කිරීම සමේ දීප්තිය වැඩි කිරීමට සහ රැලි වැටීම් අවම කිරීමට උපකාරී වේ. මීට අමතරව, අමු කිරි සමඟ මිශ්‍ර කළ කුංකුම, වියලි කෝපි සහ මී පැණි මිශ්‍රණය මෙන්ම ආමන්ඩ් ඔයිල් සහ විටමින් ඊ මිශ්‍රණය ද ඇස් යට සම පෝෂණය කිරීමට භාවිතා කළ හැකි සාර්ථක ස්වභාවික ප්‍රතිකාර වේ.
දිනපතා අල පෙති, කෝමාරිකා හෝ පිපිඤ්ඤා පෙති ඇස් මත තබා ගැනීමෙන්ද ඇසට ඉහළ සිසිලසක් සහ පෝෂණයක් ලබා ගත හැකිය. කෙසේ වෙතත්, මෙම සත්කාර සිදු කිරීමේදී ඇස් යට සම ඉතා සංවේදී බැවින් ඉතා මෘදු ලෙස කටයුතු කිරීමට වගබලා ගත යුතුය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර