ජූලි මස සඳහා වන පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය අද (07) ආරම්භ වන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනය කරයි. මෙම රැස්වීම් වාරය ලබන 10 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
අද දිනයේදී දූෂණ විරෝධී පනත සහ පුරාවස්තු ආඥා පනත යටතේ පවතින නියෝග පිළිබඳව විවාද කර අනුමත කර ගැනීමට නියමිතව ඇත. හෙට (08) දිනයේදී රේගු ආඥා පනත, මෝටර් වාහන පනත සහ අපනයන සංවර්ධන පනත ඇතුළු වැදගත් නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිතය.
බදාදා දිනය විදේශ ශ්‍රමිකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ විවාදය සඳහා වෙන් කර ඇත.
එමෙන්ම ජූලි 9 වන දින මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, මුදල් ගනුදෙනු වාර්තා කිරීම සහ ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධ සංශෝධන පනත් කෙටුම්පත් ත්‍රිත්වය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. සතියේ අවසාන දිනය වන සිකුරාදා පෞද්ගලික මන්ත්‍රී යෝජනා 07ක් විවාදයට ගැනීමට නියමිත බවද පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර