මෙරට සෞඛ්‍ය සේවාව හුදු ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගොස් ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක තලයකට ඔසවා තැබීම රජයේ ස්ථාවර අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශවල අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
රෝහල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි. ඒ යටතේ ‘පේෂන්ට් හෙල්ත් ඇප්’, ටෙලි මෙඩිසින් සේවා සහ ජාතික විද්‍යුත් සෞඛ්‍ය වාර්තා පද්ධතියක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙම තාක්ෂණික දියුණුව හරහා රජයේ රෝහල්වලින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීමටත්, පෞද්ගලික අංශයේ සෞඛ්‍ය වියදම් අවම කිරීමටත් අපේක්ෂා කෙරේ.
පසුගිය කාලසීමාවේ නතර වී තිබූ සෞඛ්‍ය ක්ෂේත්රයේ මහාපරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති රැසක් මේ වන විට යළි ආරම්භ කර ඇත. මොණරාගල, ත්‍රිකුණාමලය, අම්පාර සහ හලාවත ඇතුළු රෝහල්වල ඉදිකිරීම් ව්‍යාපෘති 48ක් මේ වන විට සක්‍රියව ක්‍රියාත්මක වේ. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා ‘ආරෝග්‍යා සුව සේවා මධ්‍යස්ථාන’ ජාලයක් ගොඩනැගීමටද උපදෙස් ලබා දී තිබේ.
එමෙන්ම, රෝහල් සඳහා ගිලන් රථ මිලදී ගැනීමේදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වූ ඉහළ තාක්ෂණික උපකරණ සහිත ගිලන් රථ පමණක් තෝරා ගැනීමටත්, ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිදභාවයෙන් සහ තාක්ෂණික විසඳුම් සහිතව සිදු කිරීමටත් තීරණය විය. සෞඛ්‍ය කාර්යමණ්ඩලවල ගැටලු සහ නවක වෛද්‍යවරුන් බඳවා ගැනීම් පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර