ඉදිරියේදී උදාවිය හැකි එල් නිනෝ කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, රටේ ජල සම්පත් නිසි ලෙස කළමනාකරණය කරගැනීම සඳහා කඩිනම් පියවර ගනිමින් සිටින බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
සාමාන්‍යයෙන් ජූලි සහ අගෝස්තු මාසවල පවතින වියළි කාලගුණික තත්ත්වය මෙවර සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි විය හැකි බව කාලගුණ අනාවැකි මගින් පෙන්වා දී ඇත. එසේම සැප්තැම්බර් මාසයේදී අපේක්ෂිත වර්ෂාපතනයේ යම් අඩුවක් පැවතිය හැකි වුවද, ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ වර්ෂාපතනය ඉහළ යා හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම තත්ත්වයට මුහුණදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය සහ විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන රැසක් සම්බන්ධ කරගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කර ඇත.
අදාළ ආයතන වෙත මෙම තත්ත්වයට මුහුණදීම සඳහා අවශ්‍ය සූදානම පවත්වා ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇති අතර, එහි ප්‍රගතිය ලබන 20 වන දින නැවත සමාලෝචනය කිරීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර