පේරාදෙණිය ශික්ෂණ රෝහල සහ සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් වෛද්‍ය ඉතිහාසයට එක්වෙමින් අතිශය දුෂ්කර සහ සංකීර්ණ සැත්කමක් සාර්ථකව නිම කිරීමට සමත්ව තිබේ. බද්ධ වී සිටි ලිනුලි හා ලිතුලි නමැති නිවුන් දරුවන් දෙදෙනා වෙන් කිරීමේ මෙම සැත්කම ලොව ප්‍රථම වතාවට සිදුකරන ලද්දක් බව වෛද්‍ය අංශ පවසයි.
මෙම දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුට පමණක් වකුගඩු දෙකක් පිහිටා තිබූ අතර, ඉන් එකක් ගලවා අනෙක් දරුවාට බද්ධ කිරීමේ අභියෝගාත්මක සැත්කම සිදුකර ඇත්තේ පසුගිය මස 10 වැනිදාය. වසර පහක කාලයක් දරුවන්ගේ ශරීර වර්ධනය සහ වකුගඩු ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම තීරණාත්මක සැත්කම සිදුකර තිබේ.
පැය 14කට අධික කාලයක් පුරා පැවති මෙම සැත්කම සඳහා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය ඇතුළු 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දායක වී ඇත. දරුවන්ගේ හෘද වස්තුව, පෙනහළු සහ රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගනිමින් මෙම සැත්කම සිදුකිරීම වෛද්‍යවරුන් ලද විශාල ජයග්‍රහණයක් බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.
සැත්කමෙන් පසු දරුවන් දෙදෙනාම මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, ඔවුන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඉදිරි දින කිහිපය තුළ දරුවන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට නියමිත බවත්, ඔවුන්ගේ සුවය වෙනුවෙන් තවත් සැත්කම් කිහිපයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් වෛද්‍යවරු වැඩිදුරටත් සඳහන් කළහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර