සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන හදිසි ණය ලබාදීමේ දැන්වීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) මහජනතාවගෙන් ඉල්ලා සිටී. රුපියල් 5,000 සිට ලක්ෂ 05ක් දක්වා ණය මුදල් කිසිදු ඇපකරුවෙකු හෝ ලියකියවිලි නොමැතිව ලබාදෙන බව පවසමින් මෙම වංචනික පණිවිඩ හුවමාරු වේ.
මෙම වංචනික ආයතන විසින් ණය ලබාගැනීම සඳහා විශේෂිත සබැඳියක් (Link) ලබාදෙන අතර, එය ක්ලික් කිරීමෙන් පරිශීලකයාගේ ජංගම දුරකථනයට ‘Remote Administrative Tool’ (RAT) නම් මෘදුකාංගයක් ඇතුළු කෙරේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස වංචනිකයන්ට ඔබගේ දුරකථනයේ ඇති ඡායාරූප, පෞද්ගලික ලිපිගොනු සහ හිතවතුන්ගේ තොරතුරු වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලැබේ.
එපමණක් නොව, ඇතැම් අවස්ථාවලදී සැක සහිත .apk යෙදවුම් හරහා ජංගම දුරකථනයේ පූර්ණ පාලනය ඔවුන් සතු කර ගැනීමට ඉඩ ඇත. ණය ලබාගැනීමෙන් පසු අසාධාරණ පොලී අනුපාත සහ දැඩි කොන්දේසි පනවමින් ණය ගැතියන්ව බ්ලැක්මේල් කිරීම හෝ සමාජ අපකීර්තියට පත් කිරීම වැනි ක්‍රියාවන් සිදු කරන බව ද අනාවරණය වී තිබේ.
එබැවින්, මෙවැනි සැක සහිත සබැඳි මත ක්ලික් කිරීමෙන් හෝ යෙදවුම් බාගත කිරීමෙන් වළකින ලෙස බලධාරීන් උපදෙස් දෙයි. යම් හෙයකින් ඔබගේ පෞද්ගලික තොරතුරු මෙවැනි වංචනික පිරිසක් අතට පත්ව ඇති බව හැඟේ නම්, වහාම 101 අංකය අමතා ඒ පිළිබඳව දැනුවත් කරන ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැඩිදුරටත් අවධාරණය කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර