ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයේදී තමාට එරෙහිව ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල වීමත් සමඟ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව දැඩි ප්‍රකාශයක් නිකුත් කර ඇත.
සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානය තවදුරටත් එවැනි ක්‍රියාමාර්ගවල නිරත වුවහොත් ඇමෙරිකාව සතු මිසයිල දහස් ගණනක් ඉරානය ඉලක්ක කර ඇති බවයි. ඉරානය විසින් සිය රටට එරෙහිව සිදුකරන ඕනෑම තර්ජනයකට දැඩි ප්‍රතිචාර දැක්වීමට ඇමෙරිකානු හමුදාව සූදානමින් සිටින බව ඔහු අවධාරණය කර තිබේ.
මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට පහරදීම නතර කරන ලෙස ඇමෙරිකානු බලධාරීන් ඉරානයට බලපෑම් කරමින් සිටියි. කෙසේ වෙතත්, එම සමුද්‍ර මාර්ගය තමන්ගේ පාලනය යටතේ පවතින බව පවසන ටෙහෙරානය, ඒ හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට තමන්ට අයිතියක් ඇති බව තවදුරටත් ප්‍රකාශ කරයි.
මීට පෙර ඉරානය විසින් එම කලාපයේ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ දෙරට අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබිණි. මේ වන විට ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා මොජ්ටබා කමේනි පත්ව සිටින අතර, දෙරට අතර පවතින සටන් විරාමය සහ සාම සාකච්ඡා පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් මතුව තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ උණුසුම්කාරී වාතාවරණය තවදුරටත් උග්රවනු ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර