වාහන ආනයනයට සීමා පැනවීම සහ අධිභාර ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙරට වාහන වෙළෙඳපොළ තුළ යම් සංකූලතා මතු විය හැකි බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි. විශේෂයෙන්ම අගෝස්තු 15 වැනිදායින් පසු රජය ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ වෙළෙඳපොළ කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කරනු ඇත.
පසුගිය කාලසීමාව තුළ වාහන සඳහා පැවති ඉල්ලුම බොහෝ දුරට පියවී ඇති බවත්, ආනයනකරුවන් ද අවශ්‍ය ප්‍රමාණයට වාහන ගෙන්වා ඇති බවත් ඔහු පෙන්වා දෙයි. මේ හේතුවෙන් වාහන ලියාපදිංචිය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර, පසුගිය වසරට සාපේක්ෂව වාහන ආනයනයෙන් ලැබෙන බදු ආදායම පහත වැටීමේ ප්‍රවණතාවක් පවතින බව ද ඔහු පුරෝකථනය කරයි.
දැනටමත් වාහන සඳහා 150% සිට 200% දක්වා අධික තීරුබද්දක් අය කරනු ලබන පසුබිමක, තවදුරටත් මෙවැනි බදු පැනවීම සාධාරණ නොවන බව ප්‍රනාන්දු මහතාගේ අදහසයි. එකම පාර්ශ්වයකින් දිගින් දිගටම බදු අය කර ඔවුන් පීඩාවට පත් කරනවා වෙනුවට, රජයේ වියදම් නිසි ලෙස කළමනාකරණය කර ගැනීම වඩාත් වැදගත් බව ඔහු අවධාරණය කරයි.
ආර්ථික වර්ධනය උදෙසා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම හරහා බදු ආදායම ඉහළ නංවා ගත හැකි බවත්, එමගින් රටේ ආර්ථිකය ශක්තිමත් වන බවට වෙළෙඳපොළ වෙත විශ්වාසනීය සංඥාවක් ලබා දිය හැකි බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර