බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා වෙත බ්‍රිතාන්‍යයේ කීර්තිමත් නයිට් පදවිය පිරිනමා ඇත. උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රගමනය සහ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඔහු ඉටුකළ විශිෂ්ට සේවය ඇගයීමට ලක් කරමින් මෙම ගෞරව නාමය පිරිනැමීම සිදු කෙරිණි.
වින්ඩ්සර් මාලිගයේ පැවති උත්සවයකදී බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු අතින් ඔහු මෙම උත්තමාචාරයට පාත්‍ර විය. මෙම පදවිය ලැබීමත් සමඟ ඔහුට තම නාමය ඉදිරියට ‘ශ්‍රීමත්’ (Sir) යන ගෞරව නාමය භාවිතා කිරීමේ හිමිකම ලැබේ.
මහාචාර්ය කනගරාජා මහතාගේ නම 2026 වසරේ රජුගේ අලුත් අවුරුදු නිර්දේශ නාම ලේඛනයට ද ඇතුළත් කර තිබුණි. චාල්ස් රජු විසින් සාම්ප්‍රදායික කඩුව භාවිතා කරමින් මෙම නයිට් පදවිය පිරිනැමූ අතර, මෙය තමන් ලැබූ විශාල ගෞරවයක් බව මහාචාර්යවරයා සඳහන් කරයි.
1966 වසරේ යාපනයේ උපත ලැබූ මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ ආදි සිසුවෙකි. සිය මූලික හා ද්විතීයික අධ්‍යාපනයෙන් පසු ඔහු බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ක්‍රිස්තු විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරා ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර