කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති 80 වැනි බ්‍රැඩ්බි පලිහ රග්බි තරගාවලියේ පළමු අදියරේදී, සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් වූ රාජකීය විද්‍යාලය පරාජය කරමින් ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 33-10ක ජයක් වාර්තා කළේය. මෙම ජයග්‍රහණයත් සමඟ ත්‍රිත්ව විද්‍යාලය බ්‍රැඩ්බි පලිහ නැවත දිනා ගැනීමේ අරමුණින් ප්‍රබල පෙරමුණක් ගෙන ඇත.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට 7-3ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලය පෙරමුණේ පසුවූවත්, දෙවන අර්ධයේ මුල් භාගයේදී රාජකීය ක්‍රීඩක කවින්දු හේවගේ වාර්තා කළ උත්සාහක දිනුම සහ සෙනුජ රණසිංහගේ දඬුවම් පහර හේතුවෙන් රාජකීය විද්‍යාලය 10-7ක් ලෙස තරගයේ පාලනය තාවකාලිකව අතට ගත්තේය.
කෙසේ වෙතත්, තරගයේ අවසන් මිනිත්තු 20 තුළ ක්‍රියාත්මක වූ ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රීඩකයෝ අතිශය දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් උත්සාහක දිනුම් පහක් වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගත්හ. මිනුල යද්දෙහිගේ, හම්සා අබ්දීන්, බිලාල් නසීර් සහ මතීෂ ජයසිංහ ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් ලකුණු එක් කළහ.
මෙම ජයග්‍රහණයත් සමඟ ලකුණු 23ක වාසියක් ලබා ගනිමින් ත්‍රිත්ව විද්‍යාලය දෙවන අදියර සඳහා සූදානම් වේ. මීට අමතරව, වයස අවුරුදු 16න් පහළ තරගයෙන්ද 15-8ක් ලෙස ජය ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර