වන අලි උවදුර හේතුවෙන් වගා බිම්වලට සිදුවන හානි අවම කර ගැනීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සහ දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය එක්ව නව පර්යේෂණ ව්‍යාපෘතියක් දියත් කර තිබේ. මෙම ව්‍යාපෘතිය මගින් ‘මී මැසි පාලන වැටක්’ හඳුන්වා දී ඇති අතර, එය අලි ඇතුන් වගා බිම්වලින් ඈත් කර තැබීමට සමත් වී ඇත.
රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවකු වන මොහාන් පෙරේරා මහතාගේ යෝජනාවකට අනුව ආරම්භ වූ මෙම පර්යේෂණය, හම්බන්තොට ප්‍රදේශයේ අක්කර හයක කොමඩු වගා බිමකදී අත්හදා බලන ලදී. එහිදී අලි වැටට ඉදිරියෙන් මීටර් හතෙන් හතට මී මැසි පෙට්ටි 20ක් ස්ථාපනය කර තිබුණි. මී මැස්සන්ගේ ශබ්දයට සහ පැමිණීමට අලි ඇතුන් දක්වන බිය හේතුවෙන් ඔවුන් එම වගා බිම් මගහැර යන බව සී.සී.ටී.වී දර්ශන මගින් තහවුරු වී ඇත.
මෙම ව්‍යාපෘතියේ ඇති විශේෂත්වය වන්නේ අලි උවදුර පාලනය කිරීමට අමතරව, මී මැසි පරාගනය හේතුවෙන් කොමඩු අස්වැන්න සියයට 30කින් පමණ ඉහළ යාමයි. මීට අමතරව මී වද හරහා ගොවීන්ට අමතර ආදායමක් උපයා ගැනීමට ද අවස්ථාව උදාවී තිබේ.
මී මැසි වැට යනු සාම්ප්‍රදායික අලි වැටට ආදේශකයක් නොව එයට අනුපූරකයක් බව පර්යේෂකයන් පෙන්වා දෙයි. මෙම සාර්ථක පර්යේෂණය ඉදිරියේදී දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ද හඳුන්වා දීමට කටයුතු යොදා ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර