මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව වීඩියෝවක් නිකුත් කරමින් සියදිවි හානි කරගත් තරුණයාගේ පුවත මේ වන විටත් බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබේ. මවකගේ විලාපය මැද සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම බොහෝ දෙනෙකුගේ හදවත් කම්පා කරවන්නක් විය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මියගිය තරුණයාගේ සමීපතම මිතුරෙකු පවසා සිටියේ, ඔහු සිය ජීවිතයේ අවසන් තීරණය ගැනීමට පෙර තමා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ බවයි. “උඹ මට කිවුවා මම ජීවත් වෙන්නේ අද රෑ විතරයි කියලා. මම උඹේ හිත හදන්න උපරිම උත්සාහ කළා,” යනුවෙන් ඔහු සඳහන් කර තිබිණි.
තමාගේ දුක බෙදා ගැනීමට මිතුරන් බොහෝ දෙනෙකුට ඇමතුම් ලබා දුන්නද, අවසානයේ එම ඇමතුමට ප්‍රතිචාර දැක්වූයේ තමා පමණක් බවත් ඔහු සිහිපත් කළේය. තමන් ඔහුට සැමවිටම සහයෝගය දැක්වීමට සූදානම්ව සිටි බවත්, මෙවැනි තීරණයක් ගනු ඇතැයි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ බවත් එම මිතුරා වැඩිදුරටත් පවසා ඇත.
ජීවිතයේ කෙතරම් බාධක පැමිණියද, සිය දෙමව්පියන්ගේ බලාපොරොත්තු සුන් කරමින් මෙවැනි අන්ත තීරණවලට එළඹීම පිළිබඳව සමාජය තුළ මේ වන විටත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. අත්හැරීමට සිතෙන මොහොතක වුවද, තමන්ට ආදරය කරන අය වෙනුවෙන් ජීවිතය ජය ගැනීමට උත්සාහ කළ යුතු බව බොහෝ දෙනා අවධාරණය කරති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර