ශ්‍රී ලංකාවේ වකුගඩු ගල් රෝගයෙන් පෙළෙන දහස් සංඛ්‍යාත රෝගීන්ට සහනයක් ලබාදීමේ අරමුණින්, මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ නව ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
වර්තමානයේ මෙරට වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා රෝගීන් 5,000කට අධික පිරිසක් පොරොත්තු ලේඛනවල රැඳී සිටිති. යටිතල පහසුකම්වල සීමාවන් සහ නවීන තාක්ෂණික ප්‍රවේශයන්හි පවතින අඩුපාඩු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර, නව මධ්‍යස්ථානය මගින් එම පීඩනය අවම කිරීමට අපේක්ෂා කෙරේ.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වසර 20ක් තිස්සේ සිදු කර ගැනීමට නොහැකිව තිබූ මෙම ව්‍යාපෘතිය මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ සාර්ථක කර ගැනීමට හැකි වූ බවයි. ශ්‍රී ලංකා මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සහයෝගය සහ ප්‍රකට ව්‍යවසායක ඉංජිනේරු නහිල් විජේසූරිය මහතාගේ දායකත්වයෙන් මෙම මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය නවීන උපකරණ සහ තාක්ෂණික පහසුකම් ලබාගෙන ඇත.
මෙම මධ්‍යස්ථානය දිවයින පුරා සේවය කරන සියලුම විශේෂඥ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන් සඳහා විවෘතය. ඒ අනුව, තම රෝගීන් මෙම මධ්‍යස්ථානය වෙත යොමු කර නවීන තාක්ෂණික පහසුකම් යටතේ කාර්යක්ෂමව ශල්‍යකර්ම සිදු කිරීමට වෛද්‍යවරුන්ට අවස්ථාව උදාවේ.
සෞඛ්‍ය සේවාවේ පවතින ගොඩනැගිලි, උපකරණ සහ මානව සම්පත් නිසි සැලසුම් සහගත වැඩපිළිවෙලක් ඔස්සේ උපරිම ධාරිතාවයෙන් ජනතාව වෙනුවෙන් යෙදවිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර