රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයට (Online) ගෙවන ලෙස දන්වමින් කෙටි පණිවිඩ සහ වට්ස්ඇප් පණිවිඩ මඟින් සිදුකෙරෙන නවතම මූල්‍ය වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය රියදුරන්ට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
මෙම ව්‍යාජ පණිවිඩ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් එවූ ඒවා ලෙස පෙන්වා දෙමින්, රියදුරන් සිදුකළ බව කියන රථවාහන වැරදි සඳහා සතියක් ඇතුළත දඩ මුදල් ගෙවන ලෙස ඉල්ලා ඇත. එහෙත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙවැනි කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා අවධාරණය කරයි.
මෙම පණිවිඩවල අන්තර්ගත සබැඳි (Links) විවෘත කිරීමෙන් හෝ ඒවාට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම පුද්ගලික තොරතුරු හෝ බැංකු ගිණුම් විස්තර ලබාදීමෙන් සිදුවිය හැකි මූල්‍ය අලාභයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දන්වා ඇත.
යම් අයෙකු මෙවැනි ව්‍යාජ පණිවිඩයකට හසුවී ඇත්නම් හෝ ඒ පිළිබඳව සැක සහිත තොරතුරක් ලැබී ඇත්නම්, වහාම ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර