න්‍යෂ්ටික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සම්බන්ධ ජාත්‍යන්තර ප්රමිතීන් අනුගමනය කරමින් ඒවා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව දැඩි කැපවීමකින් කටයුතු කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය එක්ව සංවිධානය කළ ‘න්‍යෂ්ටික අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මූලික හැඳින්වීමේ කලාපීය පුහුණු වැඩමුළුව’ ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කොළඹ රාමඩා හෝටලයේදී ආරම්භ වූ මෙම වැඩමුළුව ජූලි 17 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. ඒකාබද්ධ න්‍යෂ්ටික ආරක්ෂක තිරසර සැලැස්ම යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ න්‍යෂ්ටික හෝ විකිරණශීලී ද්‍රව්‍ය ආශ්රිත අපරාධ සහ අනවසර ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ ජාතික ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් වර්ධනය කිරීමයි.
වර්තමාන ලෝකයේ න්‍යෂ්ටික ද්‍රව්‍යවල අනවසර භාවිතය සම්බන්ධ අවදානම් පවතින බැවින්, සිද්ධීන් විමර්ශනය කිරීමට සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහාය වීමට මෙම අධිකරණ වෛද්‍ය විද්‍යා දැනුම අත්‍යවශ්‍ය සාධකයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර