ඉරානයේ පිහිටි අතිශය සුරක්ෂිත භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. පිකැක්ස් (Pickaxe) කඳුකරයේ පිහිටි මෙම මධ්‍යස්ථානය විනාශ කිරීමට තමන් තීරණය කර ඇති බව ඔහු අවධාරණය කළේය.

ද හියු හෙවිට් ෂෝ (The Hugh Hewitt Show) වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම මධ්‍යස්ථානය ප්‍රබල ප්‍රහාරයකට සුදුසුම ඉලක්කය බවයි. ඒ සඳහා සූදානම්ව සිටින ලෙස ඔහු ඉරානයට දැනුම් දී තිබේ.

සැග්‍රොස් කඳු පන්තියේ පිහිටි මෙම මධ්‍යස්ථානය ග්‍රැනයිට් පාෂාණ ස්ථරයට අඩි 2,000ක් පමණ ගැඹුරින් පිහිටා ඇත. යුරේනියම් නිස්සාරණය සහ තොග ගබඩා කිරීම සඳහා භාවිතා කරන මෙම උමං සංකීර්ණය ඉරානයේ අතිශය ආරක්ෂිත ස්ථානයක් ලෙස සැලකේ.

කෙසේ වෙතත්, මෙම ස්ථානයේ පවතින අධික ගැඹුර හේතුවෙන් ඇමරිකාව සතු ප්‍රබලතම බෝම්බවලට පවා එය විනිවිද යා හැකිද යන්න පිළිබඳව ආරක්ෂක විශේෂඥයන් සැක මතු කර තිබේ.

ඇමරිකානු හමුදා අඛණ්ඩව ඉරානය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කරන පසුබිමක ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කර ඇත. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික අවහිරයක් නැවත පනවන බවට ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version