ඕමාන් මුහුදු සීමාවේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ගමන් කරමින් තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් බොරතෙල් ප්‍රවාහන නෞකා දෙකකට ඉරානය විසින් කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම ප්‍රහාරයෙන් නෞකාවල සේවය කළ ඉන්දීය ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් තවත් අටදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කරයි.
‘මොම්බාසා’ සහ ‘අල් බහියා’ යන නෞකා දෙක ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඉන් නෞකා දෙකෙහිම දැවැන්ත ගින්නක් හටගෙන යාත්‍රාවලට දැඩි හානි සිදුව තිබේ. තුවාල ලැබූවන් අතර ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු සහ යුක්රේන ජාතිකයින් දෙදෙනෙකු වන බවත්, ඉන් හතරදෙනෙකුගේ තත්ත්වය අතිශය බරපතළ බවත් වාර්තා වේ.
මෙම සිද්ධිය “නිර්ලජ්ජිත ප්‍රහාරයක්” ලෙස හෙළා දකින එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජාත්‍යන්තර නීතියට අනුකූලව ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තමන් සතු බව අවධාරණය කරයි. තම රටේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය අඩපණ කිරීමට උත්සාහ කරන ඕනෑම බලවේගයකට එරෙහිව දැඩි පියවර ගැනීමට සන්නද්ධ හමුදා පූර්ණ සූදානමින් සිටින බව ද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර