ඉරානයට එරෙහිව අමෙරිකානු හමුදාව විසින් දියත් කළ නවතම ප්රහාර මාලාව සාර්ථකව අවසන් කළ බව එරට හමුදා ආරංචි මාර්ග පවසයි. අඛණ්ඩව තුන්වන දිනටත් ක්රියාත්මක වූ මෙම ප්රහාරවලදී ඉරානයේ ප්රධාන කලාප කිහිපයක් ඉලක්ක කර ගෙන ඇත.
බුෂෙහ්ර්, චා බහාර්, ජාස්ක්, කොනාරක්, අබු මූසා සහ බන්ඩර් අබ්බාස් යන ප්රදේශවල පිහිටි ඉලක්ක වෙත මෙම ප්රහාර එල්ල කර ඇති බව අමෙරිකානු හමුදාව තහවුරු කරයි.
වාණිජ නෞකා ගමනාගමනයට බාධා කිරීමේ හැකියාව ඉරානය සතු වුවහොත් එය වළක්වාලීම මෙම ප්රහාරවල මූලික අරමුණ බව අමෙරිකානු බලධාරීන් පෙන්වා දෙයි. ඉරානයේ ප්රහාරක හැකියාවන් තවදුරටත් දුර්වල කිරීම මෙහි අරමුණයි.
මේ වන විට මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකානු සේවා නිලධාරීන් 50,000කට අධික පිරිසක් යොදවා ඇති බව ද වාර්තා වේ.
