අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ජූලි මාසයට අදාළ දීමනා අද (15) දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ පවුල් 1,012,812ක් සඳහා රුපියල් බිලියන 9.36කට ආසන්න මුදලක් වෙන් කර තිබේ. ඊට අමතරව, දෙවැනි අදියර යටතේ පවුල් 211,647ක් සඳහා රුපියල් බිලියන 2.47ක පමණ මුදලක් ගෙවීමට නියමිතය.
ඒ අනුව, අද දිනයේ පමණක් අදියර දෙකක් යටතේ ප්‍රතිලාභී පවුල් 1,224,459ක් වෙත රුපියල් බිලියන 11.83ක සමස්ත දීමනා මුදලක් බැර කෙරෙනු ඇත.
ප්‍රතිලාභීන්ට තම බැංකු ගිණුම් හරහා අදාළ මුදල් ලබා ගැනීමේ පහසුකම මේ වන විට සලසා ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර