වේගයෙන් වෙනස් වන ඩිජිටල් මාධ්‍ය පරිසරය තුළ කෘත්‍රිම බුද්ධිය (AI) සහ ව්‍යාජ පුවත් රැල්ලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් විශේෂ මාධ්‍ය සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්විණි. ශ්‍රී ලංකා-ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය (SLIMFA) විසින් මෙය සංවිධානය කර තිබුණි.
“වෙනස්වන ලෝකයක අදාළත්වය රැක ගැනීම” යන තේමාව යටතේ පැවති මෙම වැඩසටහන සඳහා දෙරටේම ප්‍රවීණ මාධ්‍යවේදීන්, විද්වතුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ. මෙහිදී මාධ්‍ය වෘත්තිකයන් අතර අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ නව තාක්ෂණය සමඟ මාධ්‍ය ක්ෂේත්රය යාවත්කාලීන කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
සම්මන්ත්‍රණයට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, වර්තමානයේ තොරතුරු භාවිත කරන ආකාරය සමාජ මාධ්‍ය හරහා විශාල වෙනසකට ලක්ව ඇති බවයි. ප්‍රේක්ෂකයා තොරතුරු ලබන්නා පමණක් නොව, ඇතැම් විට පුවත් නිර්මාණයට සහ සත්‍යාපනයට දායක වන පාර්ශ්වයක් බවට පත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
වැරදි සහ නොමඟ යවන සුළු තොරතුරු වේගයෙන් පැතිරෙන වත්මන් යුගයේ, මාධ්‍ය ආයතනයක පවතින ප්‍රධානතම වත්කම එහි විශ්වසනීයත්වය බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එබැවින්, ජනතාව අපේක්ෂා කරන නිවැරදි, ස්වාධීන සහ වගකීම් සහගත තොරතුරු සැපයීම සඳහා මාධ්‍යවේදීන් සතු වගකීම පෙරට වඩා ඉහළ ගොස් ඇති බව ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ. AI තාක්ෂණය, ඩිජිටල් පරිවර්තනය සහ අනාගත මාධ්‍ය භාවිතය පිළිබඳව මෙහිදී පුළුල් දැනුම් හුවමාරුවක් සිදු විය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර