31 වැනි සුමති සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් ශ්‍රී ජයවර්ධනපුරදී පැවැත්විණි. 2025 වසරේ විකාශය වූ රූපවාහිනී වැඩසටහන් සහ ප්රවෘත්ති වාර්තාකරණයන් ඇගයීමට ලක් කරමින් පැවැති මෙම උළෙලේදී අද දෙරණ මාධ්‍ය ජාලය විශිෂ්ට දක්ෂතා දක්වමින් සම්මාන රැසක් හිමිකර ගැනීමට සමත් විය.
මෙම උළෙලේදී වසරේ හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන ලෙස ‘ජීවිතයට විද්‍යාව’ වැඩසටහන සම්මානයට පාත්‍ර වූ අතර, හොඳම කාලීන වැඩසටහන ලෙස ‘Rebuild Sri Lanka’ වැඩසටහන සම්මාන දිනා ගත්තේය. ප්රවෘත්ති අංශය වෙනුවෙන් පාරින්ද්‍යා ගුණසේකර හොඳම ප්රවෘත්ති නිවේදිකාව ලෙස සම්මාන ලැබුවාය.
එමෙන්ම ගවේෂණශීලී ප්රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් දිනේන්ද්‍ර රන්සිරි සහ කාලීන ප්රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් රවිඳු විජයසිංහ සම්මානයෙන් පිදුම් ලැබූහ. දේශපාලන වැඩසටහන් අංශයෙන් ‘දෙරණ 360’ වැඩසටහන වෙනුවෙන් කසුන් තිවංක සමරසේකර සම්මානය හිමිකර ගත්තේය.
ඩිජිටල් මාධ්‍ය අංශය යටතේ දෙරණ මැක්රෝ එන්ටර්ටේන්මන්ට්හි PULS වෙත සම්මානයක් හිමිවිය. මීට අමතරව, ප්‍රවීණ රංගන ශිල්පිනී නෙතලි නානායක්කාර ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබූ අතර, සුමතිපාල අනුස්මරණ සම්මානය ප්‍රවීණ රංගන ශිල්පිනී සුවිනීතා වීරසිංහ සහ ප්‍රවීණ සංගීතවේදී එඩ්වඩ් ජයකොඩි යන මහත්ම මහත්මීන්ට පිරිනැමිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර