පැසිෆික් සාගරයේ මතුපිට ජල උෂ්ණත්වයේ සිදුවන වෙනස්වීම් හෙවත් එල්නිනෝ සහ ලානිනා දේශගුණික සංසිද්ධීන් මේ වන විට ගෝලීය වශයෙන් අවධානයට ලක්ව තිබේ. චන්ද්‍රිකා තාක්ෂණය මගින් ලබාගත් දත්තවලට අනුව, පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යාම හේතුවෙන් වර්තමාන කාලගුණික තත්ත්වය එල්නිනෝ වර්ෂයක් ලෙස හඳුනාගෙන ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවට අන්තර් මෝසම් වැසි සාමාන්‍යයට වඩා වැඩි වීමේ හැකියාවක් පවතී. කෙසේ වෙතත්, ලානිනා තත්ත්වයක් ඇතිවීමේ අවදානම නිසා ඊසාන දිග මෝසම් වර්ෂාපතනය අපේක්ෂිත මට්ටමට වඩා අඩුවිය හැකි බව කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙයි.
පවතින යල කන්නයේ වගාවන්ට එල්නිනෝ තත්ත්වයෙන් විශාල බලපෑමක් නොවන බවට ගණන් බලා ඇත. කෙසේ වෙතත්, මහ කන්නයේදී වර්ෂාපතනය අඩුවීමක් සිදුවුවහොත්, එය වී වගාව ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදනවලට යම් බලපෑමක් ඇති කළ හැකිය. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ තේ වගාවටද මෙම තත්ත්වය යම් අභියෝගයක් විය හැක.
මෙම අභියෝග ජය ගැනීම සඳහා වාරිමාර්ග පද්ධතිවල ජලය උපරිමයෙන් කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල මඟපෙන්වීම යටතේ කෙටි කාලීන බෝග වගාවන්ට යොමු වීම සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීම මගින් ගොවීන්ට තම වගාවන් සාර්ථක කරගත හැකි වනු ඇත.
විශේෂඥයින් පෙන්වා දෙන්නේ ගොවීන් මේ සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවයි. නිසි විද්‍යාත්මක උපදෙස් පිළිපදිමින් සහ කෘෂිකාර්මික සැලසුම් කල්තියා සකස් කර ගැනීමෙන් ඉදිරි කාලගුණික අභියෝග සාර්ථකව ජයගත හැකි බව අවධාරණය කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර