කිලිනොච්චි දිස්ත්‍රික් කුසලතා සංවර්ධන ශ්‍රවණාගාරයේදී අද (16) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. මෙම රැස්වීමට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
පසුගිය වසරේ ක්‍රියාත්මක වූ කෘෂිකාර්මික ව්‍යාපෘති අත්හැර දැමීම සහ රාජ්‍ය අරමුදල් අවභාවිතා කරමින් සිදුකළ ඉදිකිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා විසින් රාජ්‍ය නිලධාරීන්ට එල්ල කළ දැඩි විවේචන මෙම ගැටුමට මුල් වී ඇත.
මන්ත්‍රීවරයා විසින් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් නුසුදුසු වදන් භාවිත කිරීමත් සමඟ සභාවේ සිටි නිලධාරීන් ඉවත්ව යාමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරීමට ධීවර අමාත්‍යවරයා මැදිහත් වුවද, මන්ත්‍රීවරයා සහ අමාත්‍යවරයා අතරද බහින්බස්වීමක් සිදුවිය.
පවතින උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත් වීමට සිදුවූ අතර, පසුව රැස්වීම තාවකාලිකව කල් තැබීමට පියවර ගැනුණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර