රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් මැදිහත් වීමට පාර්ශව අටක් ඉදිරිපත් වී තිබේ.
මීට අදාළව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු පාර්ශව අටක් විසින් මෙම අතරමැදි පෙත්සම් ගොනු කර ඇත.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය. එහිදී විනිසුරුවරයා සඳහන් කළේ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාගේ කරුණු දැක්වීම් අවසන් වීමෙන් අනතුරුව මෙම අතරමැදි ඉල්ලීම් සලකා බලන බවයි.
ඒ අනුව, අදාළ අතරමැදි පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු මස 04 සහ 06 යන දිනවලදී යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර