සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘හරක්කටා’ හෙවත් නදුන් චින්තකගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 1,200ක අල්ලස් මුදල සම්බන්ධයෙන් වන නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබීය. මෙම සිද්ධියට අදාළව චෝදනා ලබා සිටින රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ වරුෂහැන්නදිගේ යන සැකකරුවන් තිදෙනා ජූලි 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ අල්ලස් මුදලින් කොටසක් හිමිනමක් මාර්ගයෙන් ඉහළ පොලිස් නිලධාරීන් වෙත යොමු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. අදාළ හිමිනම කවුරුන්ද යන්න මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඉදිරි නඩු වාරයේදී ඒ පිළිබඳ වැඩිදුර කරුණු වාර්තා කිරීමට නියමිතය.
විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් පවසා සිටියේ, හරක්කටාගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති විසින් ලබාදුන් ප්‍රකාශ ඇතුළත් වීඩියෝ පටයක් සහ සැකකරුවන් අතර හුවමාරු වූ දුරකථන ඇමතුම් 1,300කට අධික ප්‍රමාණයක් පිළිබඳ විශ්ලේෂණ වාර්තා මේ වනවිට තමන් සතු බවයි. සැකකරුවන් ඉන්දියාවේ සංචාරය කළ කාලසීමාව සහ ඔවුන්ගේ දුරකථන වාර්තා එකිනෙක ගැලපෙන බවද කොමිසම අධිකරණයට පෙන්වා දුන්නේය.
මේ අතර, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් අධිකරණයෙන් ඇප ඉල්ලීම් සිදුකරමින් පවසා සිටියේ, තම සේවාදායකයින් පීඩා විඳින සෞඛ්‍ය ගැටලු සහ නඩුවේ ස්වභාවය සලකා ඔවුන් ඇප මත මුදාහරින ලෙසයි. කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, එම ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ජූලි 28 වනදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර