2026 ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් (LPL) තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින්ට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට සැකපිට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරු වන ඉන්දීය ජාතික මන්ජෝත් කල්රා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
ක්‍රීඩා දූෂණ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, සැකකරුවන් විසින් භානුක රාජපක්ෂ, දුලිත් වෙල්ලාලගේ සහ අවිශ්ක ප්‍රනාන්දු ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට තරග පාවාදීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.
සැකකරුවන් විසින් කොළඹ ප්‍රදේශයේ ස්ථානයකදී ක්‍රීඩකයින් හමුවී තරග හතරක් පාවාදීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇති බවත්, පසුව එම මුදල සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර ඇති බවත් විමර්ශන අංශය අනාවරණය කළේය. මෙම සිද්ධියට අදාළ දුරකථන සංවාද සහ වීඩියෝ දර්ශන සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, විමර්ශනවලට බාධාවක් විය හැකි බව සලකා මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. සැකකරුවන් රුපියල් ලක්ෂ 95ක මුදලක් රැගෙන පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර