දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, පවතින දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල හිඟය හේතුවෙන් ඉදිරියේදී දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වීමේ අවදානමක් පවතින බවයි. මෙම තත්ත්වය මගී ප්‍රවාහන සේවාවට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව එම සංගමය අනතුරු අඟවයි.
සංගමයේ ලේකම් කසුන් චාමර මහතා සඳහන් කරන පරිදි, 2023 වසරේදී 106ක්ව පැවති සමස්ත එන්ජින් සංචිතය මේ වන විට 98ක් දක්වා පහත වැටී ඇත. ඉන් එන්ජින් 8ක් දැනටමත් භාවිතයෙන් ඉවත් කර තිබේ. වඩාත් බරපතළ තත්ත්වය වන්නේ, 2023 වසරේදී ධාවනයට සුදුසු තත්ත්වයේ පැවති එන්ජින් 68ක ප්‍රමාණය, අද වන විට 49 දක්වා අඩුවීමයි.
බලවේග කට්ටල සම්බන්ධයෙන්ද පවතින්නේ සමාන අවාසනාවන්ත තත්ත්වයකි. 2023 වසරේදී 78ක් ලෙස පැවති ක්‍රියාකාරී බලවේග කට්ටල සංඛ්‍යාව මේ වන විට 52 දක්වා පහත වැටී ඇත. සේවා අවශ්‍යතා සඳහා බලවේග කට්ටල 88ක් අත්‍යවශ්‍ය වුවද, පවතින හිඟය 26ක් ලෙස වාර්තා වේ.
සමස්තයක් ලෙස ගතහොත්, පසුගිය වසර කිහිපය තුළ එන්ජින් සහ බලවේග කට්ටල 19ක් සේවයෙන් ඉවත් කිරීමට සිදුව තිබේ. 2023 වසරේදී 261ක්ව පැවති මෙම සම්පත් ප්‍රමාණය 2026 වන විට 242ක් දක්වා පහත වැටී ඇත.
පවතින කාලසටහනට අනුව දුම්රිය ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වහාම මැදිහත් වී විසඳුම් ලබා දෙන ලෙස දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර