සමාජ මාධ්‍ය භාවිතය, විශේෂයෙන්ම පාසල් දරුවන් අතර එය ‘ඇබ්බැහියක්’ බවට පත්වීම පිළිබඳව විවේචනාත්මක මතවාද නිරන්තරයෙන්ම මතු වෙමින් පවතී. මේ හේතුවෙන්, වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා කඩිනම් නීතිමය පියවරක් ගැනීම පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවී ඇත. මෙම තත්ත්වය ලොව පුරා බොහෝ රටවලත් දැකගත හැකි අතර, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය වැනි රටවල් මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගෙන තිබේ.
ෆින්ලන්තය වැනි රටවල් ද, අධ්‍යාපනය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින්, දරුවන්ගේ දැනුම පුළුල් කරගැනීම සඳහා පරිගණකයට පමණක් සීමා නොවී, පොතපත සහ පුස්තකාල භාවිතයට දිරිදීම සිදු කරයි. දරුවන්ගේ අසමතුලිත පෞරුෂ වර්ධනයටත්, සයිබර් හිංසනයටත් සමාජ මාධ්‍ය හේතුවිය හැකි බවට විශ්වාසයක් පවතී.
ලෝක ජනගහනයෙන් බිලියන 5ක් පමණ සමාජ මාධ්‍ය භාවිත කරන අතර, ශ්‍රී ලංකාවේ මිලියන 12ක් පමණ ජනතාව ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් වැනි සමාජ ජාලා භාවිතා කරති. තාක්ෂණ භාවිතය ඉහළ යාමත්, ගුවන් විදුලි සහ ස්ථාවර දුරකථන භාවිතය පහත වැටීමත්, ශ්‍රී ලංකාව ඩිජිටල් සමාජයක් බවට පත්වෙමින් සිටින බවට සාක්ෂි සපයයි.
දරුවන් සමාජ මාධ්‍ය වෙත මෙතරම් ඇදී යන්නේ ඇයිද යන්නත්, මෙම ඇබ්බැහිය දුරු කිරීමට තහනම් කිරීම පමණක් ප්‍රමාණවත්ද යන්නත් පිළිබඳව ගැඹුරින් සිතා බැලිය යුතුය. විභාග තරග, අතිරේක පන්ති, දෙමාපියන්ගේ අධිකතර අපේක්ෂා වැනි හේතු නිසා දරුවන්ගේ නිදහස සහ විවේකය අහිමි වීම, ඔවුන්ව සයිබර් ලෝකය වෙත ඇද ගැනීමේ එක් හේතුවක් විය හැකිය.
තවද, මිතුරු ඇසුරේ බලපෑම ද මෙයට හේතුවකි. සමාජ මාධ්‍ය භාවිත නොකරන දරුවන් සිය මිතුරන් අතර කොන් වී යාමට හෝ තනිවීමට ලක්විය හැකිය. මේ නිසා, දරුවන්ගෙන් යමක් ඉවත් කරන විට, ඔවුන්ට මානසිකව හිස් බවක් දැනීමට ඉඩ නොතබා, ඊට බුද්ධිමත් විකල්ප මාර්ග හඳුන්වා දීම අත්‍යවශ්‍ය වේ.
පාසල්වලදී දරුවන්ට උනන්දුවක් ඇතිවන වැඩසටහන්, භාෂා ඉගැන්වීම්, සෞන්දර්ය කලා කටයුතු, වාර්තා චිත්‍රපට නැරඹීම, සාමූහික ක්‍රියාකාරකම් දිරිගැන්වීම වැනි දෑ හරහා ඔවුන්ට කෘත්‍රිම ලෝකයෙන් මිදී අලුත් අත්දැකීම් ලබා දිය හැකිය. මෙවැනි ක්‍රියාකාරී පාසලක්, විශිෂ්ට නායකත්ව ලක්ෂණ සහිත දරුවන් සමාජයට දායාද කිරීමට දායක වනු ඇත.
ඊට අමතරව, මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතාව පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. දරුවන්ට සමාජ මාධ්‍යවලින් ලැබෙන තොරතුරු නිවැරදිව විශ්ලේෂණය කිරීමටත්, ඩිජිටල් ලෝකය ආරක්ෂිතව භාවිතා කිරීමටත් අවශ්‍ය දැනුම ලබා දීම වැදගත්ය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර