ලෝක සිනමාවේ අමරණීය රංගනයන් රැසකට දායක වූ අයර්ලන්ත ජාතික ප්‍රවීණ නිළි බ්‍රෙන්ඩා ෆ්‍රිකර් අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඇය 81 වන වියේ පසු විය.
ඇය 1989 වසරේ තිරගත වූ ‘මයි ලෙෆ්ට් ෆුට්’ (My Left Foot) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම සහය නිළියට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. එම චිත්‍රපටයේ ඩැනියෙල් ඩේ-ලුවිස්ගේ මවගේ චරිතය නිරූපණය කරමින් ඇය ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත් විය.
සිනමා රංගනයට අමතරව රූපවාහිනී ක්ෂේත්රයේද ඇය කැපී පෙනෙන චරිත නිරූපණයක යෙදුණාය. විශේෂයෙන්ම බීබීසී නාලිකාවේ විකාශය වූ ‘කැෂුවල්ටි’ (Casualty) කතාමාලාවේ හෙදියකගේ චරිතය ඇය ජනප්‍රිය කළාය. මීට අමතරව ‘හෝම් ඇලෝන් 2’ (Home Alone 2) චිත්‍රපටයේ ඇය රඟපෑ චරිතයද රසිකයන් අතර බෙහෙවින් කතාබහට ලක් විය.
ඇගේ අභාවය පිළිබඳව අදහස් දක්වමින් ඇගේ නියෝජිත ෆිල් බෙල්ෆීල්ඩ් සඳහන් කර ඇත්තේ, ඇයගේ වියෝව ලෝකයට විශාල අඩුවක් බවයි. ඇයව දැන හඳුනා ගැනීමට සහ ඇය සමඟ වැඩ කිරීමට ලැබීම තමන් ලද ගෞරවයක් බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
බ්‍රෙන්ඩා ෆ්‍රිකර් රංගනයෙන් දායක වූ චරිත ලොව පුරා සිටින සිනමා ලෝලීන්ගේ හදවත් තුළ තවදුරටත් නොමැකෙන මතකයක් ලෙස පවතිනු ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර