ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ දැඩි අස්ථාවරත්වයක් හටගෙන තිබේ. හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ සිදුවන බලශක්ති ප්‍රවාහන කටයුතු සඳහා එල්ල වී ඇති බාධා කිරීම් හමුවේ අද (20) උදෑසන ආසියානු වෙළෙඳපොළ ආරම්භයේදීම බොරතෙල් මිල 3%කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරාන ඉලක්ක වෙත ඇමෙරිකානු හමුදාව අඛණ්ඩව දියත් කළ ගුවන් ප්‍රහාර මාලාවකින් පසුව මෙම මිල ඉහළ යාම වාර්තා වේ. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.85ක් දක්වාත්, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.05ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.
කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝකයේ සමස්ත තෙල් සහ ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පර්සියානු ගල්ෆ් කලාපය තුළ සිරවීමේ අවදානමක් මතුව ඇත. මෙය සැපයුම් දාමය කෙරෙහි බලපෑම් ඇති කරමින් සමුද්‍රීය රක්ෂණ ගාස්තු ඉහළ යාමට ද හේතු වී තිබේ.
මේ අතර, ඇමෙරිකාවේ ක්‍රියාකලාපය අඛණ්ඩව පැවතුනහොත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා කිසිදු බලශක්ති ප්‍රවාහනයකට ඉඩ නොදෙන බවට ඉරානය අනතුරු අඟවා ඇත. ඉදිරි දිනවලදී ද තෙල් මිලෙහි අස්ථාවරත්වයක් පැවතිය හැකි බව වෙළෙඳ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර