ඇමරිකානු ප්‍රහාරවල බලපෑම සහ එරට පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් දැඩි අර්බුදයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පවතින උණුසුම් කාලගුණය නිසා විදුලි ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර, විදුලි උත්පාදනය සහ ඉල්ලුම අතර මෙගාවොට් දහස් ගණනක පරතරයක් නිර්මාණය වී තිබේ. මෙම තත්ත්වය මත රටේ විදුලි පද්ධතියේ සමතුලිතතාවය බිඳ වැටී ඇත.
මේ වන විට අගනුවර වන ටෙහෙරානය ඇතුළු ප්‍රදේශ කිහිපයක සැලසුම්ගත විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. මීට අමතරව, කර්මාන්තශාලා සඳහා සතියකට දින දෙකක් විදුලිය සීමා කිරීමට ද තීරණය කර තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී අනතුරු ඇඟවූයේ, ඉරානය සාකච්ඡා සඳහා යොමු නොවන්නේ නම් එරට විදුලි බලාගාර සහ ප්‍රධාන පාලම් අමෙරිකානු ප්‍රහාරවල ඉලක්ක බවට පත්විය හැකි බවයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර