මෙරට පොදු ප්‍රවාහන සේවයේ නිරත බස් රථ ඇතුළු සියලුම වාහනවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලය පියවර ගෙන ඇත. මෙම වැඩසටහන සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව එම කවුන්සිලයේ සභාපති මංජුල කුලරත්න මහතා පවසයි.
පොදු ප්‍රවාහනයේදී සිදුවන රිය අනතුරු සඳහා රියදුරන්ගේ නොසැලකිල්ල මෙන්ම වාහනවල පවතින තාක්ෂණික දෝෂ ද ප්‍රධාන හේතුවක් බව හඳුනාගෙන ඇත. මෙම තත්ත්වය පාලනය කිරීම අරමුණු කරගනිමින් වාහනවල යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ මෙම ක්‍රියාවලිය ආරම්භ කෙරේ.
මෙම පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තා වේ. අදාළ නිලධාරීන් බඳවා ගැනීමෙන් අනතුරුව සැප්තැම්බර් මස අග භාගයේදී මෙම වැඩසටහන රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම පියවර හරහා පොදු ප්‍රවාහන සේවයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමටත්, මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෝෂ සහිත වාහන මාර්ගවල ධාවනය වීම අවම කිරීමටත් බලාපොරොත්තු වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර