සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ත්‍රිවිධ හමුදාව එක්ව ක්‍රියාත්මක කරන ඩෙංගු මර්දන වැඩසටහනට ශ්‍රී ලංකා නාවික හමුදාව සිය පූර්ණ දායකත්වය ලබා දී ඇත. පසුගිය ජූලි 04 වන දින ආරම්භ වූ මෙම වැඩසටහන යටතේ නාවික හමුදා විධානයන් ආවරණය වන පරිදි දිවයින පුරා විශේෂ පිරිසිදු කිරීමේ මෙහෙයුම් දියත් කෙරිණි.
බටහිර, උතුරු, දකුණු, වයඹ සහ උතුරු මැද යන නාවික විධානවල නිලධාරීන් සහ නාවිකයන් මෙම වැඩසටහනට එක්ව සිටිති. කොළඹ, කන්කසන්තුරය, ගාල්ල, කල්පිටිය සහ තලෙයිමන්නාරම ඇතුළු ප්‍රදේශ රැසක මෙම මෙහෙයුම් ක්‍රියාත්මක විය.
මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ඒ අනුව, පාසල්, පොදු වෙළඳපොළවල්, නේවාසික ප්‍රදේශ සහ ප්‍රධාන මාර්ග දෙපස රැඳී තිබූ අපද්‍රව්‍ය සහ එකතු වී තිබූ ජලය බැහැර කිරීමට නාවික හමුදාව පියවර ගත්තේය.
එමෙන්ම, අවහිර වී තිබූ කාණු පද්ධති සහ ගොඩනැගිලිවල වහලවල් මත එකතු වී තිබූ ජලය ඉවත් කිරීම මගින් මදුරු කීටයන් බෝවීම වැළැක්වීමට නාවික හමුදා සාමාජිකයන් කටයුතු කර තිබේ. ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට නාවික හමුදාව සිය උපරිම සහයෝගය ලබා දෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර