ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම ආරක්ෂිත, පිරිසිදු සහ තිරසාර පානීය ජලය ලබාදීම රටේ ප්රමුඛ උපායමාර්ගික අරමුණක් විය යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) එක්ව සංවිධානය කළ භූගත ජල කළමනාකරණය පිළිබඳ කලාපීය පුහුණු වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
විශේෂයෙන්ම උතුරු මැද පළාත ඇතුළු වියළි කලාපවල පවතින නිදන්ගත වකුගඩු රෝග (CKDu) තත්ත්වය සහ භූගත ජලයේ ගුණාත්මකභාවය අතර පවතින සම්බන්ධතාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. දැනට භාවිතා කරන ප්‍රති ආසෘති (Reverse Osmosis) ජල පිරිපහදු පද්ධති තාවකාලික විසඳුමක් වුවද, ඒවායේ දිගුකාලීන සෞඛ්‍ය බලපෑම් පිළිබඳව තවදුරටත් විද්‍යාත්මක පර්යේෂණ අවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජල සම්පත් කළමනාකරණයේදී සමස්ථානික තාක්ෂණය වැනි නවීන විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. දේශගුණික විපර්යාසයන් හමුවේ ජල සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා කලාපීය තාක්ෂණික සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර