දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගනිමින් ඩෙංගු රෝගය නිරීක්ෂණය කිරීම සහ වැළැක්වීම සඳහා නව සායනික කළමනාකරණ මාර්ගෝපදේශ මාලාවක් එළිදක්වා ඇත. රෝගය කල්තියා හඳුනා ගැනීම, රෝගීන් කළමනාකරණය සහ මදුරුවන් බෝවීම වැළැක්වීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව මෙම ව්‍යාපෘතිය දියත් කර තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂඥ දායකත්වය ද මේ සඳහා හිමිව ඇත.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, නගර ආශ්‍රිත විශ්වවිද්‍යාල සහ නේවාසිකාගාර අවට ඩෙංගු ව්‍යාප්තියේ වැඩි අවදානමක් පවතින බවයි. එම තත්ත්වය පාලනය කිරීමට මෙම මාර්ගෝපදේශ මාලාව මහත් පිටුබලයක් වනු ඇතැයි ඔහු පැවසීය.
කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පෙන්වා දුන්නේ, විශ්වවිද්‍යාල සෞඛ්‍ය මධ්‍යස්ථාන හරහා රෝග ලක්ෂණ සහිත සිසුන් නිරීක්ෂණය කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි. සිසුන්ගේ සහයෝගය ඇතිව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන වඩාත් සාර්ථක කර ගැනීමට අපේක්ෂා කෙරේ.
