දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රටේ විවිධ ප්‍රදේශවල හානියට පත් සමාජ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීමේ කටයුතු පිළිබඳව ජනාධිපති කාර්යසාධක බලකායේ අනුකමිටුව පසුගියදා ජනාධිපති කාර්යාලයේදී රැස්විය. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
අධ්‍යාපන, සෞඛ්‍ය සහ සංස්කෘතික ක්ෂේත්රවලට අයත් පොදු පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වත්මන් ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලුණි. ආපදාවෙන් වැඩි බලපෑමක් එල්ල වූ පළාත්වල යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ පළාත් පාලන කොමසාරිස්වරුන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අමාත්‍යවරයා දැනුවත් කළහ.
පශ්චාත් ආපදා කාලසීමාව තුළ පැන නැගී ඇති ගැටලු කඩිනමින් විසඳා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍ය උපාලි පන්නිල මහතා, ප්‍රතිපත්තිමය තීරණ අවශ්‍ය අවස්ථාවලදී ඒ සඳහා අවශ්‍ය දත්ත සහ තොරතුරු කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම අනුකමිටුව සතු ප්‍රධාන වගකීම වන්නේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය නිරන්තරයෙන් අධීක්ෂණය කරමින්, අදාළ වාර්තා ප්‍රධාන කමිටුව වෙත ඉදිරිපත් කිරීමයි. මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර