සුළි කුණාටුවක් හේතුවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට වේගයෙන් සිදුවෙමින් පවතී. නාවලපිටියේ සිට ගම්පොල දක්වා වූ කොටස අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව, වසර අවසන් වීමට පෙර නාවලපිටියේ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය පවසයි.
මෙම දුම්රිය මාර්ගයේ ස්ථාන 36ක් හානියට පත්ව තිබූ අතර, ඉන් ස්ථාන 30ක අලුත්වැඩියා කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ ඒකකය මගින් මේ වන විටත් අවසන් කර ඇත. ඉතිරිව ඇති බරපතළ හානි සිදුවූ ස්ථාන හයක ප්‍රතිසංස්කරණ කටයුතු පෞද්ගලික ආයතනයක සහාය ඇතිව සිදු කෙරේ.
දුම්රිය මාර්ගයේ වැඩබිම් වෙත ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා විකල්ප මාර්ගයක් අවශ්‍ය වී තිබුණි. ඒ සඳහා ප්‍රදේශවාසීන්ගේ ඉඩම් හරහා ප්‍රවේශ මාර්ගයක් ලබා ගැනීමට අවශ්‍ය වූ අතර, මන්ත්‍රීවරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගම්වාසීන් සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමෙන් පසු එම බාධාවන් මඟහරවා ගැනීමට හැකි විය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල මහතා සඳහන් කළේ, ගම්වාසීන්ගේ සහයෝගය නොලැබුණේ නම් දුම්රිය මගින්ම ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සිදුවන බැවින් අලුත්වැඩියාවන් සඳහා දීර්ඝ කාලයක් ගතවනු ඇති බවයි. එසේම උලපනේ ගඩොල් බෝක්කුව ආශ්රිත ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ සැලසුම් ලැබුණු වහාම ආරම්භ කිරීමට නියමිතය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර