ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බාලිකා විද්‍යාලයක ඉංග්‍රීසි ගුරුවරියක් විදේශීය රටක පැවැත්වුණු රූ රැජින තරගයකදී බිකිනි ඇඳුමකින් සැරසී පෙනී සිටි බවටත්, ඒ සම්බන්ධයෙන් විනය පියවර ගන්නා ලෙස ඉල්ලීම් ලැබී ඇති බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල දැඩි කතාබහක් ඇති විය.

කෙසේ වෙතත්, මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු එකක් බව මේ වන විට තහවුරු වී තිබේ. අදාළ ඡායාරූපවල පෙනී සිටින්නේ ශ්‍රී ලාංකික ගුරුවරියක් නොව, මධ්‍යම ඇමරිකානු රටක් වන ග්වාතමාලාවේ පුරවැසියෙකි.

වාර්තා වන පරිදි, එම ඡායාරූපවල සිටින්නේ ජේමි ස්ටෙෆනි (Jeyme Stefany) නම් තැනැත්තිය වන අතර, ඇය සහභාගී වී ඇත්තේ ග්වාතමාලාවේ පැවැත්වුණු ‘Monja Blanca’ රූ රැජින තරගයටය.

කිසිදු කරුණු විමර්ශනයකින් තොරව ඇතැම් සමාජ මාධ්‍ය පිටු සහ ජනප්‍රිය පුද්ගලයන් පවා මෙම අසත්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම හේතුවෙන් සමාජය තුළ නොමඟ යවන සුළු මතවාදයක් නිර්මාණය වී තිබිණි. සමාජ මාධ්‍ය පරිශීලකයන් මෙවැනි කරුණු සම්බන්ධයෙන් වඩාත් බුද්ධිමත්ව සහ වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙම සිදුවීම මගින් යළිත් පසක් කර දෙයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version