ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ නවමු පියවරක් ලෙස, ඇළ මාර්ගයක් මත සූර්ය පැනල සවිකර විදුලිය උත්පාදනය කරන ‘Canal-Top Solar’ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා මහියංගනය වියානා ඇළ ප්‍රදේශය තෝරාගෙන ඇත්තේ එහි පවතින ප්රශස්ත සූර්යාලෝකය සහ කිලෝමීටර් 20කට වඩා වැඩි ඇළ මාර්ගයේ දිග සැලකිල්ලට ගනිමිනි.
මෙම ව්‍යාපෘතියේ ඇති සුවිශේෂී වාසිය වන්නේ ඇළ මාර්ගය සූර්ය පැනල මගින් ආවරණය කිරීම හරහා ජල වාෂ්පීභවනය පාලනය කිරීමට සහ ජල උෂ්ණත්වය මනාව පවත්වා ගැනීමට හැකිවීමයි. එමෙන්ම, හරිත හයිඩ්රජන් වැනි අනාගත බලශක්ති ප්‍රභවයන් සඳහා ද මෙය පදනමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ව්‍යාපෘතියේ තවත් වැදගත් අංගයක් වන්නේ ඇළ මාර්ගය ආශ්‍රිතව ස්ථාපිත කෙරෙන ආරක්ෂිත විදුලි අලි වැටයි. මෙය වන අලින් ඇළට වැටීමෙන් සිදුවන අනතුරු අවම කිරීමට විශාල දායකත්වයක් සපයනු ඇත. පිරිසිදු විදුලිය උත්පාදනයට අමතරව ජල සම්පත් සහ වන සතුන් සංරක්ෂණය ද මෙහි අරමුණයි.
මීට අදාළ ක්ෂේත්‍ර නිරීක්ෂණ සහ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් මෑතකදී මහියංගනයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවීන්ද්‍ර බණ්ඩාර, සුදත් බලගල්ල යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහ මහවැලි අධිකාරියේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර