පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ගොනුකර ඇති රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේදී යළි සලකා බැලුණි. සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, 2016 වසරේදී යුද හමුදා බුද්ධි බළකායේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ සුරේෂ් සලේ මහතා, මෙරට තුළ ව්‍යාප්ත වෙමින් පැවති ISIS මතවාද සහ ඉස්ලාම් අන්තවාදී තර්ජන පිළිබඳව ආරක්ෂක මණ්ඩලය වෙත දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළ බවයි.
එම අවස්ථාවේදී අන්තවාදය මැඩපැවැත්වීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පත් කිරීම ඇතුළු යෝජනා මාලාවක් ඔහු එවක ආරක්ෂක ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත්, එම කරුණු දැක්වීම් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ නිලධාරියෙකු අකමැත්ත පළ කිරීම හේතුවෙන් එම ක්‍රියාවලිය අඩාල වූ බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.
තවද, අසාද් මවුලානා නමැති පුද්ගලයා සිදුකර ඇති ප්‍රකාශයන් අසත්‍ය බවත්, එම ප්‍රකාශයන් මත පදනම්ව විමර්ශන සිදුකිරීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී ප්‍රශ්න කළේය. සුරේෂ් සලේ මහතාගේ පවුල් පසුබිම සහ ඔහු කිතුනු දේවස්ථාන සමඟ පැවති සම්බන්ධතාවය පෙන්වා දෙමින්, ඔහු මෙවැනි ප්‍රහාරයකට සම්බන්ධ විය නොහැකි බවත් නීතිඥවරයා අවධාරණය කළේය.
පෙත්සම්කාර පාර්ශවයේ දේශන අවසන් වීමෙන් අනතුරුව, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව එම විරෝධතා ලබන 27 වනදා ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියම කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර