සාත්තු සේවා කටයුතු පෞද්ගලික මට්ටමින් පමණක් කළමනාකරණය කළ යුතු කාර්යයක් ලෙස නොසලකා, එය සමාජීය හා ආර්ථික වගකීමක් ලෙස පිළිගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. කොළඹදී පැවති ‘සාත්තු ආර්ථිකය සඳහා මූල්‍යකරණය: පාර්ලිමේන්තුවේ කාර්යභාරය’ යන මැයෙන් වූ වටමේස සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
සාත්තු සේවා සඳහා ප්‍රමාණවත් සහ දැරිය හැකි පහසුකම් නොමැති වීම හේතුවෙන් බොහෝ විට සිය වෘත්තීය ජීවිතය කැප කිරීමට සිදුවන්නේ කාන්තාවන්ට බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. මෙහි ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ගේ ආර්ථික නිදහස අහිමි වනවා සේම, රටේ සමස්ත ශ්‍රම බලකායට සහ ආර්ථික වර්ධනයට විශාල බලපෑමක් එල්ල වන බව ඇය පැවසුවාය.
රජයේ අයවැය ලේඛන හුදෙක් මූල්‍ය ලේඛන පමණක් නොව, රටක ප්‍රමුඛතා පෙන්නුම් කරන දර්ශකයක් බව අග්‍රාමාත්‍යවරිය සිහිපත් කළාය. එම නිසා, සාත්තු සේවා යටිතල පහසුකම්, ළමා හා වැඩිහිටි සුබසාධනය සහ ආබාධිත පුද්ගලයන් සඳහා වන සහන සේවා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ජාතික අයවැය සකස් විය යුතු බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
පාර්ලිමේන්තුවේ වගකීම වන්නේ හුදෙක් වියදම් අනුමත කිරීම පමණක් නොව, රාජ්‍ය වියදම් මගින් අපේක්ෂිත සමාජීය හා ආර්ථික ප්‍රතිඵල ලැබේද යන්න නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම බවද ඇය අවධාරණය කළාය. මෙම අවස්ථාව සඳහා කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු මැති ඇමතිවරුන් සහ විද්වතුන් පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර