පාර්ලිමේන්තුව තුළ සිදුවන වාද විවාද පිළිබඳව ජනතාව තුළ කාලයක් තිස්සේ පැවති අවිශ්වාසය මේ වන විට වෙනස් වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමිනි.
සභා ගර්භය තුළ පදනම් විරහිත චෝදනා එල්ල කිරීම නිසා පාර්ලිමේන්තුව පිළිබඳ වැරදි මතයක් ජනතාව අතර ගොඩනැගී ඇති බව අගමැතිනිය පෙන්වා දුන්නාය. කෙසේ වෙතත්, පාර්ලිමේන්තු කමිටු පද්ධතිය හරහා මූල්‍ය අධීක්ෂණය, රාජ්‍ය අරමුදල් අවභාවිතය වැළැක්වීම සහ ප්රජාතන්ත්රවාදී පාලනය තහවුරු කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කෙරෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
විශේෂයෙන්ම මහජන පෙත්සම් කාරක සභාව හරහා සාධාරණත්වය ඉටු නොවූ පුරවැසියන්ට තම ගැටලු ඉදිරිපත් කිරීමට සහ විසඳුම් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බව අගමැතිනිය සිහිපත් කළාය. කමිටු විසින් ලබා දෙන නිර්දේශ නියමිත කාල රාමුවක් තුළ ක්‍රියාත්මක විය යුතු බවත්, එසේ නොවන අවස්ථාවලදී අදාළ නිලධාරීන් වගවීමකට ලක් කළ යුතු බවත් ඇය අවධාරණය කළාය.
රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු කමිටු හමුවට කැඳවීම බරක් ලෙස නොසලකා, එය ජනතා මුදල් සහ ප්රජාතන්ත්රවාදී වටිනාකම් සුරැකීමේ වගකීමක් ලෙස සැලකිය යුතු බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළාය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර