පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප සහ ව්‍යාජ ගිණුම් භාවිතා කරමින් සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුකරනු ලබන මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් ජනතාවට දැඩි අවවාදයක් නිකුත් කර තිබේ.

විවිධ පුද්ගලයින් විසින් වට්ස්ඇප් (WhatsApp) සහ ටෙලිග්‍රෑම් (Telegram) වැනි සමාජ මාධ්‍ය ඔස්සේ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් අහිංසක ජනතාවගෙන් මුදල් ලබාගැනීමේ ජාවාරම්වල නිරත වන බව අනාවරණය වී ඇත. මෙවැනි වංචාවන් පිළිබඳව මීට පෙර අවස්ථා කිහිපයකදී දැනුම්වත් කළ ද, තවමත් ජනතාව එම වංචාවන්ට හසුවීම කනගාටුදායක තත්ත්වයක් බව පොලීසිය පෙන්වා දෙයි.

පොලීසිය විසින් කිසිදු විමර්ශනයක් සිදුකිරීම සඳහා මහජනතාවගෙන් මුදල් අය නොකරන බව අවධාරණය කෙරේ. එබැවින්, පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලා සිටින ඕනෑම අයෙකු සම්බන්ධයෙන් සැකයක් පවතී නම් වහාම ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙස ඉල්ලා සිටී.

මෙවැනි වංචනික ක්‍රියාකාරකම් පිළිබඳව පැමිණිලි කිරීම සඳහා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධීක්ෂණ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට පහත දුරකථන අංක භාවිතා කළ හැකිය:

  • 071 859 2918
  • 071 859 1765
  • 0112 300 756
Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version