උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල අලුතින් සංවර්ධනය වන වෙරළ තීරයන් ආරක්ෂා කර ගැනීම සඳහා උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ. අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට සිදුවන හානිය පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.
පරිසර අමාත්‍යාංශයේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය. මෙම කටයුතු අධීක්ෂණය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කරන ලෙසද ඔහු මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන්නේය.
එමෙන්ම, ඔලුවිල් වෙරළ තීරයේ සිදුවන ඛාදනය වැළැක්වීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර කඩිනම් වාර්තාවක් ලබා ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය. අලි-මිනිස් ගැටුම අවම කිරීමේ ව්‍යාපෘතිවල පවතින මන්දගාමී ස්වභාවය සම්බන්ධයෙන්ද මෙහිදී දැඩි අවධානයක් යොමු විය.
ප්‍රතිපාදන වෙන් කර තිබියදී ව්‍යාපෘති ප්‍රමාද වීම අනුමත කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අලි වැට ඉදිකිරීමේදී වනජීවි කලාප ලකුණු කිරීමට වඩා ජන ජීවිතය ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බව අවධාරණය කළේය. මෙම වසර සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන වසර අවසන් වීමට පෙර උපරිමයෙන් භාවිතා කර ව්‍යාපෘති නිම කරන ලෙසද ඔහු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මීට අමතරව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ජල මූලාශ්‍ර සංරක්ෂණය, වෙරළබඩ විනෝද උද්‍යාන ඇති කිරීම සහ වනජීවි නිවාඩු නිකේතන නවීකරණය කිරීම වැනි කරුණු රැසක් පිළිබඳවද මෙම සාකච්ඡාවේදී පුළුල් ලෙස කරුණු සාකච්ඡා කෙරිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර